විශ්ව විද්‍යාල සේවය 

1961 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිංහල අංශයේ සහාය කථිකාචාර්ය ලෙස විශ්වවිද්‍යාල සේවය ආරම් කර 1967 දී කොළඹ  විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට පත් විය. 

1968-1972 කාලය තු කොළඹ විශ්වවිද්‍යාලයේ  වාග්විද්‍යා අංයේ  අංශාධිපති ලෙස සේවය කළේය. රුහුණු විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවති අවුරුදු කීපයෙහි දී එහි සිංහල අංශයේ පරිපාලන කටයුතු ළේ.

1992-93 කාලය තුළ ලන්ඩන් විශ්වවිද්‍යාලයාලයට අනුබද්ධ ‘පෙරදිග හා අප‍්‍රිකානු  අධ්‍යයන අංශය’ – School of Oriental and African Studies සිංහල මහාචාර්යල ලෙස ද කටයුතු කළේය.

 අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ  සහාය මහාචාර්ය පදවියට පත්ව 2002 දී  ජ්‍යේෂ්ඨ මහාචාර්ය ලෙස විශ‍්‍රාම ගියේය.  ඉන්පසු 2002 සිට 2007 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර දේශකයෙකු වශයෙන් සේවය කළේය.
 
එතුමා කොළඹ විශ්වවිද්‍යාලයෙහි ‘ජන මාධ්‍ය එකකය‘ ආරම්භ කර එහි සම්බන්ධීකාරක ආචාර්යවරයා වශයෙන් කටයුතු කළේය.
ජනමාධ්‍යවේදීන් සඳහා සතිඅන්ත ඩිප්ලෝමා පාඨමාලා (භාෂා තුනෙන්ම) ආරම්භ කර ‘ජන මාධ්‍යවේදය’ විශ්වවිද්‍යාලයෙහි ස්වතන්ත‍්‍ර විෂයයක් බවට පත් කළේය.
 
එතුමා  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ජනමාධ්‍ය හා ලේඛකත්ව පාඨමාලාවල බාහිර කථිකාචාර්ය වශයෙන් ද සේවය කළේය.
 
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නියෝජිතයෙකු වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ  ද සේවය කර ඇත.

 

ශාස්ත‍්‍රීය සේවය

 
●  නූතන වාග්විද්‍යා ක්ෂේත‍්‍රය 
1968 දී පළමුවෙනි වරට ලංකා විශ්වවිද්‍යාලයක වාග්විද්‍යා අංශයක් කොළඹ විශ්වවිද්‍යාලයෙහි ආරම්භ කොට එහි ප‍්‍රථම අංශාධිපති වශයෙන්  කටයුතු කළේය.
 
මුල් ම ‘වාග්විද්‍යා පාරිභාෂික පද මාලාව’ සම්පාදනය කළ මෙහෙයවීය. (මේ අංශය 1972 දී කැලණිය විශ්වවිද්‍යාලයට ගෙන යන ලදි.)
 
නූතන වාග්විද්‍යාව අලළා සිංහලයෙන් හා ඉංග්‍රීසියෙන් පොත් ගණනාවක්  පළ කළේය.
 
සිංහල පොත්
–  භාෂාවක රටා සමුදාය (1979) රාජ්‍ය සාහිත්‍ය සම්මානය
–  භාෂාවක භාවිතය හා විග‍්‍රහය (1980)  රාජ්‍ය සාහිත්‍ය සම්මානය
–  සමකාලීන සිිංහලය – ශබ්ද විචාරය (1973) රාජ්‍ය සාහිත්‍ය සම්මානය
–  මානව භාෂා ප‍්‍රවේශය (2005)
 
ඉංග්‍රීසි පොත්
–  Language and Commonsense (1973)
–  The Structure of Spoken Sinhala 1 : Sounds and Their Patterns (1991)
–  National Languages of Sri Lanka 1 : Sinhala (1976)
–  Sinhala: A Unique Indo-Aryan Language (1994)
–  Encyclopaedia of Sinhala Language and Culture (2013)
–  Say it in Sinhala (1974)
–  Sinhala-English School Dictionary 1: Simple Adjectives (2012)
 
●  සිංහල ව්‍යාකරණ ක්ෂේත‍්‍රය 
සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක නව ව්‍යාකරණයක් දියුනුව උදෙසා පොත් රශියක් සම්පාදනය කලේය. මේ පොත් මාර්ගයෙන් සිංහල භාෂාව හා ව්‍යාකරණය පිළිබඳ අලූත් සංකල්ප ඉදිරිපත් කළේය.
       
සිංහල පොත්
–  නූතන සිංහල ලේඛන ව්‍යාකරණය 1 – අක්ෂර වින්‍යාසය (1990) සාහිත්‍ය සම්මානය 
–  සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය 2 –  ව්‍යාකරණ ප‍්‍රවේශය (1995)
–  සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය 3 – සන්ධි විග‍්‍රහය (1995)
–  සිංහල භාෂාවේ නව මුුහුණුවර (1996)
–  සිංහල අක්ෂර විචාරය (2006) රාජ්‍ය සාහිත්‍ය සම්මානය
–  සිංහල අක්ෂර වින්‍යාසය (2007)
–  න-යනු ණ-යනු වින්‍යාසය (2007)
 

සිංහල භාෂාව හා ව්‍යාකරණය පිළිබඳ ලුත් සංකල්ප සමහරක් ඉදිරිපත් කළේය  ;

 –  සිංහල අකුරු ‘මධ්‍ය අක්ෂර’ ( ක ග ෂ හ) ‘ආරෝහණ අක්ෂර’ (ට ඩ බ ව) හා ‘අවරෝහණ අක්ෂර’ (අ  ද ල ළ)  යනුවෙන් තුන් වැදෑරුම් කොට දැක්වීම.
 
–  සිංහල පිලි හෙවත් ‘අක්ෂරාණු’ හඳුන්වන නාම ප‍්‍රමිතිගත කිරීම. 
 ‘ඇකාරාංශය’ වෙනුවට ‘ඇද පිල්ල’ යන නම දීම
 ‘ගැටය සහිත ඇල පිල්ල’ වෙනුවට ‘ගැට පිල්ල’ යන නම දීම
 පාපිලි තුන් වර්ගය හැඳින්වීමට නම් තුනක් දීම
         ‘කොන් පා පිල්ල’  ( නු )
         ‘වක් පා පිල්ල’    ( තු )
         ‘ඇද පා පිල්ල’    ( රු )
 
–  ‘ඒ’ ස්වරය වෙනුවට යෙදෙන පිලි හැඳින්වීමට අලුත් නම් දෙකක් හඳුන්වා දීම.
‘උස් පිල්ල’  
‘උඩු පිල්ල’ 
 
–  පද නිර්මාණය අරබයා ‘පදාණු‘ යන සංකල්පය යොදා ගැනීම.
–  ‘පද සන්ධි’ හා ‘පදාණු සන්ධි’ යනුවෙන් සන්ධි විධි වර්ග කිරීම.
–  ‘භාෂණ සන්ධි’ හා ‘ලේඛන සන්ධි’ යනුවෙන් සන්ධි විධි වෙන් කිරීම- ‘නාම පද’ නිර්මාණයෙහි ලා යෙදෙන ‘විභක්ති ප‍්‍රත්‍යවලින්’‘රූප ප‍්‍රත්‍යය’ වෙන් කොට  හඳුනා ගැනීම.
–  ‘තද්ධිත ප‍්‍රත්‍ය’ හා ‘අර්ධ තද්ධිත ප‍්‍රත්‍ය’ යනුවෙන් අලුත් තද්ධිත ප‍්‍රත්‍ය හඳුන්වාදීම. 
–  ‘ගුණ පද’ හා ‘විලාස පද’ යනුවෙන් අලුත් පද දෙවර්ගයක් හඳුන්වා දීම.
–  ‘ගුණ ප‍්‍රත්‍ය’ හා ‘විලාස ප‍්‍රත්‍ය’ යනුවෙන් අලුත් ප‍්‍රත්‍ය දෙවර්ගයක් හඳුන්වා දීම.       
–  ‘සරල පද’ හා සාධිත පද’ යනුවෙන් පද දෙවර්ගයක් හඳුන්වා දීම.
–  භාෂා රීති සියල්ල ‘මූල රීති’ ‘අනුරීති’ හා ‘ව්‍යතිරේක’ වශයෙන් නම් කිරීම.
–  කෙටි හා දික් සංවෘත ‘අ’ යනු ලිවීමට අලුත් පණකුරු දෙකක් ද ඒ වෙනුවට යෙදිය හැකි පිලි දෙකක් ද යෝජනා කිරීම (මේ අකුරු දැන් නවීන විද්‍යාව අලළා ලියවෙන ලිපි ලේඛනවල භාවිත වේ.)
–  ‘ක‍්‍රියා ප‍්‍රකෘති’ වෙසෙසා දක්වනු පිණිස අලුත් නම් යොදා ගැනීම
‘අ-ගණ ක‍්‍රියා ප‍්‍රකෘති’ (බල-නවා)
‘ඉ-ගණ ක‍්‍රියා ප‍්‍රකෘති’ (අදි-නවා)
‘එ-ගණ මූල ක‍්‍රියා ප‍්‍රකෘති’ (කෙවෙ-වා)
‘එ-ගණ ව්‍යුත්පන්න ක‍්‍රියා ප‍්‍රකෘති’ (ඇදෙ-නවා)
‘අනියම් ගණ ක‍්‍රියා ප‍්‍රකෘති’ (ක-නවා)
 
–  ‘ක‍්‍රියා ප‍්‍රත්‍ය’ වෙසෙසා දක්වනු පිණිස අලුත් නම් යොදා ගැනීම.
‘සමාන්තර ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බල-ද්දි)
‘අන්තර ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බල-ත්ම)
‘ලක්ෂ්‍ය ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බල-න්ටල බල-න්න  බල-න්නට)
‘ප‍්‍රයෝජ්‍ය ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බල-බලවයි බැලිය හැකි)
‘නිෂ්කර්ම ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බැලෙ-නවා)
‘අසම්භාව්‍ය සාධනීය ශුද්ධ ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බල-තොත්)
‘අසම්භාව්‍ය නිෂේධනීය ශුද්ධ ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බල-තත්)
‘අසම්භාව්‍ය සාධනීය සාධිත ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බැලූ-ඔත් – බැලූවොත්)
‘අසම්භාව්‍ය නිෂේධනීය සාධිත ක‍්‍රියා ප‍්‍රත්‍යය’ (බැලූ-අත් – බැලූවත්)
 
– ‘ජන වහර’ යන නාමය ව්‍යවහාරයට ගෙන ඒම
             ‘ජන වහර’ අලළා සිංහල විශ්වකෝෂයෙහි එන ලිපිය (12 කාණ්ඩය)
 
එතුමා මේ නව සංකල්ප හඳුන්වා දීමට පොත් කීපයක් ඉදිරිපත් කළේ
–  ‘බසක මහිම’ පොත් පෙළ (කාණ්ඩ 11 කි)
–  ‘සිංහල රීතිය’ පොත් පෙළ (කාණ්ඩ 8 කි)
–  ‘සිංහල ජන වහර’ පිළිබඳ පොත් පෙළ (කාණ්ඩ 5 කි)
 

සිංහල භාෂාවේ ප‍්‍රගතියට කළ වෙනත් සේවා කීපයක්

–  2009 දී කොරියාවේ පැවැත්වුණු ලෝක හෝඩි සම්මේලනයෙහි දී සිංහල හෝඩිය ලෝකයේ නිර්මාණාත්මක හෝඩි 16 අතරට එක් කිරීම.
–  රූපවාහිනී වැඩසටහන්  ’සියබස් අලංකාරය’ (ස්වාධීන රූපවාහිනිය)
–  ගුවන් විදුලි වැඩසටහන්  ‘වියත් වහර’ (රජයේ ගුවන්විදුලි සංස්ථාව)  
–  පුවත්පත් හා සඟරා ලිපි 
–  සතිපතා පළ වන පුවත්පත් ලිපි
 

සාහිත්‍ය නිර්මාණ 

‘රාවණ ගීත නාටකය’ (1957)
 
 
 සිංහල සංස්කෘතික ක්ෂේත‍්‍රය  
 සිංහල සංස්කෘතිය විවරණය කිරීම 
 
සිංහල පොත්  
–  ‘රටක මහිම’ පොත් පෙළ. ප‍්‍රථම ප‍්‍රකාශනය (කාණ්ඩ 15 කි)
–  ‘සිත්තර මහිම’ පොත් පෙළ (කාණ්ඩ 2 කි)
–  ‘තුම්පත් රටා’ පොත් පෙළ (කාණ්ඩ 3 කි)
–  ’සිරිලක අසිරිය’ පොත් පෙළ
–  ’එකෝමත් එක රටක’ පොත් පෙළ ( කාණ්ඩ 34)
–  ‘ගැමි නැණ නුවණ’ පොත් පෙළ ( කාණ්ඩ 12)
–  ‘ජන ප‍්‍රවාද පොත් පෙළ‘ ( කාණ්ඩ 13)
 
ඉංග්‍රීසි පොත්

Aspects of Sinhala Folklore (1984)

Mihintale: Cradle of Sinhala Buddhist Civilization (1987)

Water in Culture: Sri Lankan Heritage (1992)

The Monk and the Peasant (1993)

The April New Year Festival (1993)

The Vesak Full-moon Festival (1993)

Sinhalese Customs and Buddhist Values (1993)

Sarnath: The Cradle of Buddhism

Understanding the Sinhalese (1998)

Water Heritage of Sri Lanka (2014)

Sinhala Riddles

Sinhala Nursery Rhymes: the World of Animals

Say it in Sinhala

Say it in Maldivian (Divehi)  

Say it in Maldivian (Divehi) 

Know Your Buddhism’ series

The Wonder that is Sri Lanka’ series ( 3 volumes)

Siddhartha the Seeker (2017)

‘Let’s Learn Sinhala’ series ( 4 volumes)

‘Once Upon a Time’ series ( 34 volumes)

‘Wisdom of the Folk’ series ( 12 volumes)

‘Legends’ series (13 volumes)

 

●  ළමා අධ්‍යාපන ක්ෂේත‍්‍රය  
එතුමා දරුවන්ට මුලින් ම අකුරු කියවීම සඳහා නව මගක් ගත් ‘අකුරු මිහිර’ හෝඩි පොත් හා වැඩ පොතක් සම්පාදනය කළේය. ඊට අමතරව දරුවන්ට පද්‍ය මාර්ගයෙන් සිංහල හැදෑරීම පිණිස ‘පුංචි අපට සිංහල’ නමැති පොත් පෙළ  සහ බෞද්ධ ගීත හෝඩිය නමැති පොත් පෙළ සම්පාදනය කළේය.  
 
දරුවන්ට කියවීම සඳහා ‘අතිරේක පොත්’ පෙළවල් සම්පාදනය කළේය.  
–  ‘එකෝමත් එක රටක’ පොත් පෙළ (සිංහල ජන කතා) (කාණ්ඩ 34 කි)
–  ‘සිංහල ගැමි නැණ නුවණ’ පොත් පෙළ (ප‍්‍රස්තාව පිරුඵ) (කාණ්ඩ 12 කි)
–  ‘සිංහල ජන ප‍්‍රවාද’ පොත් පෙළ (කාණ්ඩ 13 කි)
– ‘සිරි ලක අසිරිය’ පොත් පෙළ (කාණ්ඩ 3 කි)
 
දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට උපකාරයක් වශයෙන් මේ  ‘අතිරේක පොත්’ ඉංග්‍රීසියෙන් ද  සම්පාදනය කිරිම

–  ‘Once Upon a Time’ series ( 34 volumes)

–  ‘Wisdom of the Folk’ series ( 12 volumes)

–  ‘Legends’ series (13 volumes)

–  The Wonder that is Sri Lanka’ series ( 3 volumes)

දෙමළ දරුවන්ට සිංහල ඉගෙන ගැනීමට උපකාරයක් වශයෙන් මේ පොත් සමහරක් දෙමළ බසට නගා පළ කොට ඇත.
 
සිංහල හෝ දෙමළ දරුවන්ට දෙමළ හා සිංහල ඉගෙන ගැනීම පිණිස පොත් පළ කළේය

–  Simple Tamil සරල දෙමළ (2010)

–  English Trilingual Writing  (2004)

●  උපදේශන සේවය
එතුමා උපදේශකවරයෙකු වශයෙන් මණ්ඩල ගණනාවක කටයුතු කලේය. ඉන් කීපයක් ;

– අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පළ කරනු ලබන සිංහල පාඨ ග‍්‍රන්ථ උපදේශක මණ්ඩල.

– පාරිභාෂික පද මාලා සම්පාදන මණ්ඩල.

– පරිගණක තාක්ෂණය හා සම්බන්ධ උපදේශන කල අතර UNICODE සිංහල හෝඩිය සැලසුම් කිරිම හා සම්බන්ධ කටයුතු  කළේය. සිිංහල යුනිකෝඩ් හෝඩිය සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු විසඳා ගනු පිණිස  ජාත්‍යන්තර ප‍්‍රමිති සංවිධානයේ මහා සමුඵවට ද සහභාගි විය.
 
– ශබ්දකෝෂ සම්පාදන උපදේශක මණ්ඩල.
      අ.  ‘ප‍්‍රායෝගික සිංහල ශබ්දකෝෂය’ 
      ආ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ‘ත්‍රෛභාෂික ශබ්ද කෝෂය’
      ඇ. පරිගණක සිංහල පාරිභාෂික පද මාලාව (CINTEC)
– රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ‘ජනගහන හා පවුල් සංවිධාන පාරිභාෂික පද මාලාව’
– කොළඹ විශ්වවිද්‍යාලයේ ජනගහන විද්‍යාංශය පිළියෙල කළ පාරිභාෂික පද මාලාව 
– ත්‍රෛභාෂික ශ‍්‍රී ලංකාවක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ  සාමාජිකයෙකු වශයෙන් ‘සිංහල අකුරු‘ නමැති අත්පොත සැලසුම් කිරීම (2014). 
– ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදනය කෙරුණු ‘සිංහල ලේඛන රීතිය’ නමැති අත්පොත සැලසුම් කළ ‘තත්ත්වඥ මණ්ඩලයේ’ සාමාජිකයෙකු වීම (1989).        
– අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කෙරුණු ‘සිංහල ලේඛන ව්‍යවහාරයථ උපදේශ සංග‍්‍රහය’ සැලසුම් කළ විද්වත් මණ්ඩලයේ සාමාජික  (2015).
– අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කොමිසම විසින් සම්පාදනය කෙරුණු ‘අක්ෂර වින්‍යාස අත්පොතේ’ සංස්කාරකයෙකු වශයෙන් 
 

 

●  වෙනත් භාෂා විමර්ශන
–  මාලදිවයින් භාෂාව
මාලදිවයිනේ පුරාණතම ඓතිහාසික ලේඛනය වන  ‘දබිදු ලෝමාෆානු‘  තඹ සන්නස   පළමුවරට කියවීම (මහාචාර්ය හේමපාල විජේවර්ධන සමග) 
මාලදිවයින් ඉතිහාසය හා භාෂාව පිළිබඳ පර්යේෂණ පැවැත්වීම.
 
–  දෙමළ භාෂාව
දෙමළ භාෂකයන්ට සිංහල ඉගැන්වීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ව්‍යාපෘතිය අරභයා අත්පොත් දෙකක් සම්පාදනය කිරීම (2015) 
 ‘සරල සිංහල කථනය’ 
 ‘සරල සිංහල ලේඛනය’